Tag Archives: History

Dogs Bark…

balloburathi

Think if you have time…

DSCF2912

හෙළ ඉතිහාසය සෙවීමේදී අතිශයෝක්තිය කෙරෙහි හෝ හාස්කම් මත එල්ලීම අපි කිසිවිටෙක කර නැත්තෙමු. එහෙත් සත්‍ය ඉතිහාසය අපේම හෙළයන්ගේ විශ්වාසනීය දැනුම් සීමාවෙන් ඔබ්බට යවා තිබීම මහා කණගාටුවකි. එය සිදුකරන්නේ දැනුම අවශෝෂණයට සුදුසුම කාලවකවානුවේදී පාසැල් විෂයමාලාව හරහා මනසට ලබාදීමෙනි.
නිව්ටන්ගේ නියම, කෝල්බෲක් ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම, ඩිමොක‍්‍රසි, හිපොක‍්‍රටීස්, සෙල්ජිනෙල්ලා, ලයිකන, පොගනාටුම්, වයිරස්, බැක්ටීරියා, හෝමෝන, සයින, කෝසයින……. මේ කිසිවක සිංහළ දැනුමක් නැත.
අප ලබාගත්තේ ඒ දැනුමයි. ඒ දැනුමේ තරමට අප අතර ඇති නීතියද උන්ගේය. අප බටහිර යම්කිසි පිරිසකට වුවමනා පරිදි සැකසුණු සිංහළයන් පිරිසකි. අපට දැනෙන්නේ අප නරඹන්නන් පිනවන්නට සත්තුවත්තේ සිටින සතුන් ටිකක් කියාය.
අප නොසිතූ හෝ අපට සිතන්නට ඉඩ නොතැබූ බොහෝ දේ ඇත. ඒ සිතන සීමාව අද සමාජයට පනවන්නේ සුද්දන් නොවේ. අපේම විද්වතුන් සහ ගිහි පැවිදි ආගමික නායකයන් විසිනි. අතීතයේ දිනක ඔවුන්ව සුදුසු ලෙසින් සකස් කලේ අර ෆ‍්‍රීමේසන්ස් පිරිසක් විසින් බව අවශ්‍ය නම් සොයා දැනගත හැකිය.
අප නොසිතූ කරුණු කිහිපයක් ගැන වෙලාවක් ඇත්නම් පුලූල්ව සිතා බලන්න.
01. 1505ට කලින් ලංකාවේ බටහිර වෙදකමක් ගැන සලකුණක්වත් නොතිබුණි. එහෙත් අනුරාධපුර පොලොන්නරු යුගවල ජනගහණය අදටත් වැඩි බව පෙනෙයි.
02. 15 වන සියවසට කලින් ලංකාවේ අහස්යානා තිබුණි. 19වන සියවසට කලින් ඒ දැනුම වියැකෙමින් තිබුණි.
03. 18වන සියවසට කලින් වාරිතාක්ෂණය තිබුණි. දියුණු යැයි කියන සුද්දෝ වැව්මතින් රේල්පාරවල් තාරපාරවල් තනා ඒ මාවත්වලින් ලංකාවේ දේ වෙරළට ගෙනගොස් එතැනින් නැව්වලට පටවා ගත්හ. අපි සුද්දන් රේල්පාරවල් පාරවල් තැනුවා කියා උදම් අනමු.
04. ගංජා ළග ඇත්නම් අද පොළීසිය ලවා නීතිය ක‍්‍රියාත්මක කර වටලයි. වයින් ස්ටෝර්ස් වෙත නීතිමය ආරක්ෂාව සපයති. ගංජාකාරයා පහත්ය. සුද්දගේ අරක්කු මෙහෙදි පෙරීමත් කසිප්පු ලෙසින් පහත්ය. විස්කි, බ‍්‍රැණ්ඩි පොෂ්ය. ගංජා වලින් මෙතෙක් එකෙක්වත් මැරී නැත. කසිප්පු සහ අරක්කු වලින් දිනපතා මියයති.
05. අතීතයේ අහසින්, පොළව යටින් සහ මුහුදෙන් ප‍්‍රවාහනය ප‍්‍රධාන වුවත් අද වැඩිම ජනගහණයක් අඩුම පරිසර හානියකින් ප‍්‍රවාහණය කළ හැක්කේ අහසින් මුහුදෙන් සහ දුම්රිය වලිනි. එසේ වුවත් ලංකාවේ සංවර්ධනයට මුවාවී ඉතිහාසය සහ  වගාබිම් විනාශයට පෙර කී පිරිසම ආධාර අනුබල දෙන නිසා අලූතින් කරන්නේ හයිවේ සහ මහාමාර්ගපුලූල්කිරීම් පමණි.
06. බටහිර මිණුම් දඬු සැකසුනේ ඔවුන්ගේ සභ්‍යත්වයට ගැලපෙන පරිදිය. අතීතයේ ස්වාභාවික ව්‍යසනවලින් පසු යන්තම් ගල්ගුහාවක ඉතිරිවී සිටි මිනිස් හිස්කබලක් බලා බටහිර මිණුම් දඬුවලින් මනිමින් අතීත සමාජයම වල්දෙල් ඇට කෑ බව ඉගැන්වීමත් අපූරුය.
07. පරිනාමවාදය කුණුහරුපයක් වෙද්දී පාසැලේ තාම උගන්වයි. පරිනාමවාදය ඉගැන්වීමෙන්ම බුදුදහමට පාසැල් විෂයමාලාවෙන්ම පහර ගසයි. අපේම අනාගත පරපුර ලවා ගසස්වයි.
වඳුරන්ගෙන් අප ආවා නම් වඳුරෝ තාම මක් කරනවාද? අර අතරමැද ඉන්නවා කියන නියැන්ඩර්තාල්ලා ඉරෙක්ටස්ලා මගදිවත් සෙල්ලිපි කියවන්න කැලේ යද්දිවත් හමුවන්නේ නැත. නමුත් දෙකොනේ වානරයාත් අපිත් සිටිමු.
08. මහාවිහාරයේද අනෙක් පිරිවෙන්වලද තිබූ අපේ පොත් ලක්ෂ ගණනක් අපට අහිමි විය. ඉතිරි පොත් බටහිරින් ජර්මානුවන් අවුත් සොරකම්කොට ගියෝය. අදත් ගෙනියති. නිකමට බලන්න. අදත් පන්සලක පිළිමයක් තොරණක් පිත්තල කැටයමක් වුවත් සොරකම් කල අපේ රටේම එකා එයට කරන්නේ කුමක්ද? ජර්මනියට හෝ එවැනි රටක සුද්දෙකුට මුදලට විකිණීම නොවෙයිද? එතකොට ඒවා ගියේ කොහාටද? මහාවංශයේ දීපවංශයේ මුල්පිටපත් ගිය රටටම නේද????????????????????
09. පන්සලක ඇති පැරණි ලේඛනයක් වුවත් සිංහළයන්ට බලන්නට හැකිද? බැරිය. හාමුදුරුවරු පෙන්වන්නේ ජර්මානු හෝ බටහිර සුද්දන්ට පමණක් නොවේද? ලංකාවේ සියලූ අධ්‍යන ආයතනවල සිංහළයන්ට පැනවෙන නීතිය සුද්දන්ට පැනවෙනවාද?
10. ලංකාවේ වගා කරන තේ සෞඛ්‍යසම්පන්නලු. කෙතරම් සෞඛ්‍යසම්පන්නයැයි කීවත් ඒවා සිංහළයන්ට විකුනනවාද? නැත. සිංහළයන් පානය කරන්නේ කසල තේය. සුද්දන් ලංකාවේ වගාකල තේවල හොඳම තේ අදටත් බොන්නේ උන්මය. අරාබියේ නම් හොඳම රට ඉඳි කන්නේ උන්ය. පිටරට පටවන්නේ ඉතිරියයි.
11. ලංකාවේ 1505න් පසු මෙතෙක් පැවති කිසිදු රජයකට කිසිදු දේශීයත්වයක් නැත. රජයේ දේශීයත්වය රජයේ ඉහළ නිලතල වලින් පෙනෙයි. සියලූ රජයෙ ආයතන වල විධායක ශ්‍රේණියට ටයිපටි ඇත. ඔවුන් විධායක ශ්‍රේණියක බව පෙන්වන්නේ බෙල්ල හිරකල ටයි එකකිනි. සැහැල්ලූ ජාතික ඇඳුමකට වඩා බෙල්ල හිරවන ටයි එකක ඇති අභිමානය අභිමානයක් නොව පරගැති හීනමානයකි. රාජ්‍ය නිළධාරියා අදටත් සේවය කරන්නේ ලංකාවේ රජයට නොවේ. එංගලන්ත රජයටයි.
12. චීනයේ ඉහළ නිළයක් දැරීම සඳහා චීන දැනගත යුතුය. ජපානයේ ඉහළ නිළයකට ජපන් දැනගතයුතුය. ඒ දෙරටටම වඩා හිගනවූ ලංකාවේ ඉහළ නිළයකට යාමට සිංහළ අත්‍යාවශ්‍ය නැත. එහෙත් ඉංග‍්‍රීසි දැනගතයුතුය. චීනයේ චීන වැරැද්දුවොත් සිනහවේ. ජපානයේ ජපන් වැරැද්දුවොත් සිනහ වේ. ලංකාවේ ඉංග‍්‍රීසි වැරැද්දුවොත් සිනහ වේ.
13. 1505ට කලින් ලංකාවේ මහලූ මඩම් තිබුනේ නැත.
14. 1505ට කලින් ලංකාවේ දෙමළ බෝඞ් තිබුනේ නැත.
15. 1505ට කලින් ලංකාවේ ද්‍රවිඩ ගම්නම් තිබුනේ නැත.
16. 15 සියවසට පෙර ලංකාවේ හුන් මනු, තාරක, හිරණ්‍යකාශ්‍යප, බලි, කතරගම මහාසෙන් ආදින් 15වන සියවසින් පසු ලංකා විෂයමාලාවෙන් පන්නා දමා ඇත.
17. 15 වන සියවසට කලින් භාරත හෝ ඉන්දියා නමින් රටක් තිබී නැත.
18. 15 වන සියවසට කලින් හෙළබිම වටේ ඉන්දියන් සාගරය නමින් සාගරයක් තිබී නැත. 15වන සියවසෙන් පසු හෙළබිම වටේ ගොලූමුහුද හෝ සීදන්ත සාගරය තිබී නැත.
19. 15වන සියවසට පෙර අප කිසි කලෙකවත් ඉන්දියාවෙන් ශිෂ්ට වී නැත. 15 වන සියවසෙන් පසු අප කා අතිනුත් අශිෂ්ඨවී ඇත.
20. 1796ට පෙර ඉන්දියාවේ බුදුවරු පහළවෙලා නැත.
දැං ඉතින් ඔව්වා වැඩක් නෑ අපට ධර්මයයි වැදගත් කියලා ලිස්සලා යමු.

Archaeology and Real History of Sri Lanka

archaeology and history

Caves we lost….

caves

Tigers, Leopards and Panthers

tigers

%d bloggers like this: