Treasure of Precautions

55

2 Responses to Treasure of Precautions

  1. Ruwan says:

    ප්‍රශ්නයක් නැගෙනවා ඇයි එංගලන්තය ජපානය ස්වීඩනය වැනි රටවල් වල ඔහොම නිධන් වල දමා නැති නමුත් උන්ට අපල නැත්තේ ඇයි?

    • ravanabrothers says:

      අපල ගැන හෝ ග‍්‍රහයන්ගේ බලපෑම් අපට මැණික් වගේ වටින දේවලින් අඩු හෝ වැඩි කරන්න පුලූවන් කියන ස්ථිර නිගමනයක් අපට නැහැ. අප එවැනි මතවාද වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ. එය ජ්‍යෙතිෂයට අදාල පුරාණ දැනුමක්. පුරාණ දැනුම ගැන කතාකිරීමේදී ඒවා ගැන නොදැන අපට කිසිවක් ස්ථිරව කියන්නට බැහැ. වර්ථමානය අතීතයට වඩා නරක බව පෙනෙන්නේ සොයද්දී මිසක් අතීතය නොදුටු නිසා නොවෙයි. ඉතිහාසය සෙවීමේදී පුරාණ දැනුම ගැනත් අපේ සිරිත් විරිත් ගැනත් අතීත විභූතිය ගැනත් සඳහන් කරන්න වෙනවා. ඇත්ත කාරණය ඒ අතීත විභූතියට බලපා ඇත්තේ අතීත දැනුම සහ පැවැත්මම තමයි. ජ්‍යෙතිෂය ඉන් එකක් වන බැවින් එක් වර එය අදාලයැයි කිව නොහැකිවුවත් ඉවත් කොට කතාකරන්නත් බැහැ.
      ලංකාව එසේ අතීතයේ දියුණු කාලවලදී ඔබ ඔය කියන රටවල් දියුණු නොවී තිබුණු බව පුරාවිද්‍යාත්මකවත් මූලාශ‍්‍රවලිනුත් ඔබ දන්නවා ඇති. ඉතින් ඒ කාලයේ අපේ රටේ විභූතියට බලපෑවේ මුතුන්මිත්තන්ගේ ඔවැනි ක‍්‍රියාකාරකම් නොවේද?
      අදටත් ඔය රටවලට තිබෙන ස්වාභාවික අපල ලංකාවට නැහැ. ලංකාවට ඇති අපල දේශපාලනික හෝ අන්‍ය ජාතීන් ඇතිකල හෝ පරිසර විනාශ නිසා ඇතිවුණු අපලයි. ඒ රටවල් ඔය තරම් සශ‍්‍රීකයැයි දියුණුයැයි පෙනුනාට ඔවුනුත් සත්‍ය සොයා එන්නේ මෙහෙට තමයි.
      මේ කාරණය මුලූමනින්ම වටහාගැනීමට නම් අපේ රටේ කකුසඳ බුද්ධකාලයෙන් පසුවට සිට හෝ අඛණ්ඩව ඉතිහාසය හදාරා විමසා බැලිය යුතුයි. එය වර්තමානයේ බටහිර රටවල් කිහිපයක් සහ ලංකාව ගලපා අවබෝධ කරගන්නට බැහැ.

Add a comment